Saturday, March 17, 2012

නුබ නැතිදා



පොඩ්ඩක් මේ අහං ඉන්න...
මං කිව්වා මට මතකයි..
රවුම් දෙනෙත් ලොකු කරගෙන...
බලං හිටිය හැටි පුදුමයි...
අපිට නොදැනි ඒ කාලය...
ගතවීලා ගියා තමයි..
ආසයි මට ආයෙ යන්න..
ප්‍රශ්ණය දැං ඔයා තමයි...





වෙනස් උනේ මං විතරද..
නුබ තාමත් ප්‍රශ්ණ කරයි..
ඒ ප්‍රශ්ණෙට උත්තරයක්..
මගේ හිතත් තවම හොයයි..
ප්‍රශ්ණ නොමැති ආදරයක..
අරුතක් නෑ කිව්වා තමයි..

පුළුවංනං ආයෙ එන්න..
මං තාමත් නුබේ තමයි...

2 comments:

  1. නැති උන දේවල් පස්‌සෙ ගිහින් අමාරුවේ වැටෙයි ඈ..මොනවා උනත් ලස්‌සන අදහස.

    ReplyDelete
  2. වලේ වැටුන එකා වල කටිංම කියනවලුනෙ ගොඩ එන්න ඕනා.....

    ReplyDelete