Wednesday, June 27, 2012

මැරුෙනමි නැවත ඉපදුෙනමි..

තරියා වන මා බ්ෙලාග ලිවීෙම්දී අම්භානක කටු කෑෙවමි.
එ් අතර තාක්ෂනික කටු එමටය..
කටු ඉවසා ගත ෙනාහැකිව තරියා බ්ෙලාග බල්ලට දමා අධ්‍යාපනයවත් ෙගාඩ දමා ගන්නවායැයි සිතා හිත හදා ගත්ෙතමි..
දිනක් ගූගල් ෙදවියා සිහිෙනන් මට ෙපනී කියා සිටිෙය් අළුත් එකවුන්ට් එකක් සාදා වැෙඩ් නැවත පටං ගන්නය කියාය.
ෙදවියං කිව්ෙවාත් තරියා ලිඳට පැනීමට උවද සැදී පැහැදී ඉන්නා බුෙවක් නිසා එෙවලාෙව්ම නැගිට අළුත් එකවුන්ට් එකක් සාදා එය ෙමහි ෙපා්ස්ටු වලිං අප්ෙඩ්ට් ෙකරුෙව්ය..
දැං මා එහි වැඩ දමමි.
දින කීපයක සිට නිරීක්ෂණය කිරීෙම්දී ෙපනී ගිෙය් පැරනි සාමාජිකයන් තවමත් ෙම් ප්ෙල්ස් එකට පැමින රස්තියාදු වී යන බවකි..
එ් නිසාෙවං ෙම් ෙපා්ස්ට් එක දැමීමට සිතුෙවමි..

ෙමන්න ෙමතනිං අළුත් අඩවියට

http://thariyagekeruwawa.blogspot.com/

එෙහනං අළුත් ප්ෙල්ස් එෙක්දි ෙසට් ෙවමු..
ජයෙව්වා අෑ..

ප.ලි - ඉස්ෙසල්ලම හදපු බ්ෙලාග නිසා ඩිලීට් කරන්නට හිත හදාගන්න අමාරුයි.. තව එකක් ෙපා්ස්ට් එක දැම්ෙම් එක්ස්ප්ෙලා්රර් බ්‍රවුසෙරන් නිසා ෙෆාන්ට් එක අවුල් ගනං ගන්න එපා...

Thursday, June 7, 2012

බලාපොරොත්තුවේ ආලෝකය (විද්‍යා ප්‍රභන්ද)

2015.04.06
පෙ.ව 3.48
ඇරිසෝනා ගුවන් හමුදා කදවුර

සර් පොඩ්ඩක් බලන්න මේ ස්ක්‍රීන් එක දිහා.
කපිතාන් ඇන්ඩෘ වහාම පුළුල් තිරය දෙස බලා තම නලල රැලි ගන්වාගනිමින් කල්පනා කරන්නට විය.
කැප්ටන් අපි මොකද කරන්නේ.
රතු සංඥාව නිකුත් කරන්න. වහාම මට ජනාධිපති තුමාව සම්බන්ධ කරන්න.


-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


මුහුදු මට්ටමේ සිට අඩි 60000ක් ඉහල අහසේ.
ගුවන් හමුදා 1 ගුවන් යානයේ සිට. ඇමරිකානු ජනාධිපති
ජනාධිපති තුමනි ඔවුන් එනවා.
කැප්ටන් ඇන්ඩෘ ඔබගේ යෝජනාව කුමක්ද?
ජනාධිපති තුමනි වහාම ක්‍රියාත්මක වන පරිදි කේප් තුඩුව ආශ්‍රිත ඇති ජෝජ් වොෂිංටන් සහ අනෙකුත් යුධ නැව් ටික ඉන්දියන් සාගරයේ ස්ථානගත කරන්න.
කැප්ටන් ඇන්ඩෘ ඔබගේ ක්‍රියාව හරි වෙන්න පුළුවං. නමුත් අපිට ආසියානු කලාපයට හදිස්සියේ කඩා වැදුනොත් ජාත්‍යන්තරව අපිව වැරදිකරුවන් වෙනවා. මේ සදහා මට එක්සත් ජාතීන්ගේ මත විමසුමකට යන්න වෙනවා.
අපිට වෙලාවක් නෑ ජනාධිපති තුමනි. දැනටමත් සිකුරු හා අගහරු ආශ්‍රිත චලන වල සීග්‍රතාවය වැඩි වී තිබෙනවා.
කැප්ටන් ඇන්ඩෘ.
කෙනඩි සම්මුතිය ක්‍රියාවට නංවන්න. ඇමතුම අවසන්.


-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


ජනාධිපති අනුමැතිය ලැබුනා. නාසා ආයතනයට නියෝග කරන්න කෙනඩි සම්මුතිය බලාත්මක කරන්න කියලා
හොදමයි සර්.
කපිතාන් ඇන්ඩෘ සුසුමක් හෙලා තම ජංගම දුරකතනය අතට ගෙන තම නිවසට ඇමතුමක් ගනී.
හෙලෝ. අහන්න සොෆී. මට විස්තර කියන්න වෙලාවක් නෑ. පුළුවං ඉක්මනට පුතාවයි දුවවයි අරං යන්න සියැටෙල් ගෙදරට.
ඒත් දෙවියනේ ඇන්ඩෘ..
ප්‍රස්න අහන්න එපා ගෑනියේ කියපු දේ කරනවා.
මේ අහන්න. මට සමාවෙන්න. ඒත් පුළුවං ඉක්මනට ඔහෙං පිට වෙන්න. මං අම්මලටත් කියන්නං. සියැටෙල් වලිදි හම්බවෙමු. මං ඔයාට ආදරෙයි සොෆී.
ඇන්ඩෘ....
යන්න....
කපිතාන් ඇන්ඩෘ දුරකතනය විසන්දි කරමින් විඩාබර ලෙස සුසුමක් පිටකර තම උපැස් ගලවා පුළුල් තිරයේ දැක්වෙන හදුනානොගත් අභ්‍යාවකාෂ වස්තූන් දෙස අරමුනකිං තොරව බලා සිටින්නට විය.
කැප්ටන් නාසා එක කෙනඩි සම්මුතිය බලාත්මක කරා.
සියළුම අනු ඛන්ඩ වලට දැනුම් දෙන්න. අපි ඉන්දියාවට යනවා.


-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


ඒ 2012 වර්ෂයයි.
ලොව පුරා 2012 අවසානයේ ලෝක විනාශය සිදුවෙනවා යැයි රාවයක් හට ගන්නට විය.
හේතුව ලෙස ගැනුනේ මායාවරුන්ගේ ශිෂ්ඨාචාරයට අයත් දින දර්ෂකයේ දින 2012දෙසැම්බර් මසින් අවසන් වීමයි.
ඒත් සමගම ඇමරිකානු පුරාවිද්‍යාඥයින් තව තවත් මායා ශිෂ්ටාචාරය හාරාවුස්සන්නට විය.
ඒ අනුව 2013 මැද භාගය වන විට වැදගත් සොයාගැනීමක් කර ගැනීමට හැකිවිය.
නමුත් ඇමරිකානු රජය මැදිහත් වීමත් සමගම එම සොයාගැනීම් සියල්ල CIA සංවිධානය යටතට පවරාගෙන වැඩිදුරටත් පරීක්ෂන පවත්වන්නට විය.
සොයාගැනීම් වල නිරතවූ පුරාවිද්‍යාඥයින් අභිරහස් ලෙස මිය ගියේය.
ඒත් සමගම ලෝකයා හමුවේ තවත් අභිරහසක් වැලලී ගියේය.
ඇමරිකානු රජය නාසා ආයතනයට අනුබද්දව කෙනඩි නමින් ආරක්ෂක ව්‍යාපෘතියක් ඇරබුවේය. විශ්වයේ සිට පෘථුවිය දෙසට පැමිනෙන ග්‍රාහක කැබලි දුර තියාම විනාස කර දැමීම එහි අරමුන බව ඔවුන් මහජනයාට දැනුම් දුන්නේය.

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

සෙන්පති තුමනි උත්තර පවුර බිද වැටුනා. අපට තව දුරටත් පිට සක්වල ආක්‍රමණිකයන්ගෙන් ලෝ තලය ආරක්ෂා කල නොහැක. ශ්‍රී රාවන නිරිදානන් දැනුවත් කල මැනව.
අප මියෑදුනත් මේ පෘථුවිය මතු බුද වන ගෞතම බුදුන් වෙනුවෙන් ආරක්ෂා කල යුතුයි.
යව ගොස් පවුරෙන් මෙපිටට පිටසක්වලයන්ගේ පැමිනීම වලක්වනු.
එසේය සෙන්පති තුමනි.
උතුම් වූ ශ්‍රී රාවණ නිරිදානෙනි.
පිටසක්වලයින් අපට තවදුරටත් නවතනු හැකිවේයැයි මා නොසිතමි.
ලෝ වැසියන්ගේ මතු උන්නතිය වෙනුවෙන් රක්තාලෝකයට වැඩ වසන සේක්වා.
නැත විභීෂණ. යකුන්ගේ ලෙයින් මා ලෝ වැසියන්ට පොරොන්දු වී සිටිනවා ඔවුන් ආරක්ෂා කිරීමට. රාමට ඇවසි වී ඇත්තේ ලංකාධීෂ්වර විනාශ කොට විශ්වයේ පාලනය ඔහු යටතට ගැනීමයි.
එහෙත් රජතුමනි.
විභීෂණ. මමයි රජු. තීරණය මගෙයි. මා රාම හමුවීමට තීරණය කලා.
උතුමානෙනි රාම යනු සමූල ඝාතකයෙක්. අප සතු තාක්ෂණයෙන් ඔවුන් විනාශ කර දමමු.
විභීෂණ... සොයුර.. පියතුමාගේ අවවාද අමතකද?
උතුමානෙනි..
ඔව් විභීෂණ. අපට අපගේ ජනතාව අත හැරිය නොහැකියි!

Wednesday, May 23, 2012

අතීත තරියාහි ඉන්ට්‍රො එක


ගොඩ දෙනෙකුට අතීතයක් තිබේ. 
සොරි ගොඩ දෙනෙකුට නෙමේ හැම එකාටම තියෙනවනෙ. නැත්තං ඌට වර්තමානෙකුත් නැති වෙන්න එපැයි. තරියාටත් එසේමැයි.

එය විටෙක ෆන්ය, 
එය විටෙක ෆන්ය

Saturday, April 7, 2012

බිග් මැච් කෙරුවාව

මාතෘකාව දැක්කම දන්නවනෙ මොකක් ගැනද කියලා ලියන්න යන්නෙ.

බිග් මැච් කියන්නෙ උප සංස්කෘතියක්. ඒකෙ සම්මතයක් කියලා දෙයක් තියනවනෙ.

ඉතිං ඔය සම්මතයෙදි ගොඩක් වෙලාවට ලංකාවෙ සංස්කෘතියට අසම්මත  වෙච්චි ගොඩක් දේවල් තියෙනවා..

බර ටෝක් ඇති. සරලව කතා කරමුකෝ.

දැං ඔය බිග් මැච් ගහන ඉස්කෝල අතරෙ ඉන්නවා හෙන පතරංග තෝරු මෝරු. ඒ වගේම ඒවටම ප්‍රමුඛ වෙච්චි එවුං. සමහර උං අවුරුදු එකසිය ගනං තිස්සෙ ගහන්නෙ. පිස්සු හැදෙනවනෙ ඉතිං.


Friday, March 30, 2012

අපේ පෙරඩ් එක (අන් එඩිටඩ්)

දිනය 2012හේ මාර්තු මස 29 වනදා.
ස්ථානය කොලඹ අසෝක විද්‍යාලය.
වේලාව උදෑසන 7 පසුවී විනාඩි 30යි.

පේස් බුකියේ කෑ ගැහුවා


Wednesday, March 28, 2012

හිනාවෙයංකො




කෝල සුදු මුදු සමනලී
මට ආලෙ කරපං එති එතී....
මෙමා හිතුවත් තැවි තැවී
නුබ නොවේ හැරුනේ හිතවතී....

Monday, March 19, 2012

Saturday, March 17, 2012

නුබ නැතිදා



පොඩ්ඩක් මේ අහං ඉන්න...
මං කිව්වා මට මතකයි..
රවුම් දෙනෙත් ලොකු කරගෙන...
බලං හිටිය හැටි පුදුමයි...
අපිට නොදැනි ඒ කාලය...
ගතවීලා ගියා තමයි..
ආසයි මට ආයෙ යන්න..
ප්‍රශ්ණය දැං ඔයා තමයි...


Wednesday, March 14, 2012

ලංකාවෙයි ඉන්දියාවෙයි ක්‍රිකට් වල වෙනස

ඉන්දියාවෙ පිතිකරුවෙක් ශතකයක් වාර්තා කලාම උංගෙ තේරීම් කාරක කමිටුවට හරි කාට හරි පේන් බැට් එක උස්සලා බයිනවා (අද ගම්භීර් වගේ)

Friday, March 9, 2012

DCSD විලාපෙ



ඇදුරුතුමනි මේ අහන්න...
අපේ සතුට අපට දෙන්න...
නොදුන්නොතිං මෙහෙම ඉන්න...
යන්න වෙන්නෙ පයිං ඔන්න...

කොන්ඩෙ වැව්වෙ ආසාවට...
බාටා දැම්මෙ සැහැල්ලුවට...
මල්ටි පොකට් ආවෙ අපට...
තියෙන ගැජට් දාං යන්ට...

අටහමාරෙ කෑලිත් නෑ...
පාන්දරට නින්දත් නෑ...
පහු උනොතිං දේෂන නෑ...
විභාගයට C+  නෑ...

--The නිදිමත කවිය--


හීන වලට පාට දෙන්න..
සල්ලි නැද්ද මන්දා ඔන්න...
හීන නැතුව නිදා ගන්න..
බැරිද මන්ද හිතට ඔන්න...

නිකන් ලැබෙන නිදා ගන්න..
ඒකත් නෑ අපිට ඔන්න..
පුවක් ගහෙත් දෙබල් මෙන්න..
පදයක් නෑ ඉතුරු දෙන්න.....

Thursday, March 8, 2012

මල යස්සනී සමග නුවන්

මචංලා මේක මං අහපු කතාවක් හරිය. ටිකක් අසැබි දේවල් තීනවා..

අවුරුදු 18ට අඩු අය මේක බලන්න එපා ඈ. (මං ඇහුවෙත් අවුරුදු 15දී විතර)

Sunday, February 26, 2012

Flow Chart හෙවත් ගැලීම් සටහන් 3

හරි යාළුවනේ මං ඕගොල්ලන්ට කියලා දුන්නනෙ Flow Chart වල Basic ටික. දැං ඉතිං තියෙන්නෙ ඒවා බාවිතා කරගෙන මේ Flow Chart වල එන ගැටළු විසදන එක. අනිත් එක තමයි අපිට නොතේරුන සිද්ධාන්ත කොටස් මේ ගැටළු භාවිතයෙන් තව තවත් තේරුම් ගන්න පුළුවං වීම. (මමත් තේරුම් ගත්තෙ එහෙමයි.)

අපි සරලම ගැටළු වල ඉදං අමාරු ඒවා වෙනකං එකින් එක බලමු.




  1. අංක දෙකක් ඇතුලත් කර එම අංක දෙකෙහි එකතුව ලබාගත හැකි ආකාරයෙන් Flow Chart එකක් පිලියෙල කරන ආකාරය.


Friday, February 24, 2012

Flow Chart හෙවත් ගැලීම් සටහන් 2

හොදයි යාළුවනේ Flow Chart පාඩමේ දෙවනි කොටස තමයි අද මං ඕගොල්ලන්ට ලියන්නෙ.
අපි ගිය සැරේ කථා කලේ Flow Chart වල සංඛේත නැත්තං Symbols ගැන.

අද අපි මුලින්ම කථා කරන්නෙ පාලක ව්‍යුහය එහෙමත් නැත්තං Control Structure එක ගැන.
ඕනම දේක යමක් කරන්න ක්‍රමයක් තියෙනවනෙ. ඒ වගේ තමයි Flow Chart වලත්. ක්‍රම 3ක් තියෙනව. ඒවා තමයි මේ Control Structure කියල හදුන්වල තියෙන්නෙ.

Wednesday, February 22, 2012

Flow Chart හෙවත් ගැලීම් සටහන්

මේ සටහන ලියන්න පටන් ගත්තෙ අපේ ඔය කොම්පියුටර් ජිල්මාට් ගැන එහෙම උනන්දු යාළුවො ගැන හිතලා. අපේ ගොඩක් යාළුවො ඉතිං ඔය ජිල්මාට් ගැන ඉගෙන ගන්නෙ O/L , A/L කාලෙදිනෙ. ඉස්කෝලෙත් එය ජිල්මාට් උගන්නන්න තියෙනවා විෂයක්. සමහර අය කරනවත් ඇති. දන්නවනෙ ඉතිං IT (Information Technology) කිව්වම. ඉස්කෝලෙදි මේ විෂයෙ බොහොම ප්‍රාථමික මට්ටමේ කරුනු (Basic) ටික තමා කියල දෙන්නෙ. ඒත් ඉතිං සමහර ඉස්කෝල වල ඒ ටිකවත් ළමයින්ට හරියට කියල දෙන්නෙ නෑ.

Monday, February 13, 2012

ඉන්ට්‍රො

ආයුබෝං කිව්වා!!!!!!!!!


සුභ වෙලාවක් එහෙම බලලා මාත් වැඩක් පටං ගත්තා. වෙන මුකුත් නෙමේ බ්ලොගක් ලියන්න. දැං කාලෙ ඉතිං රැල්ලනෙ (ට්‍රෙන්ඩ් එක ඈ....). අපි ඉතිං එදා ඉදලම රැල්ලට අහු වෙන උං. වෙන මුකුත් නිසා නෙමෙයි අපි සැහැල්ලුයිනෙ... ඒකයි. ශිෂ්‍යත්වෙ කරේ රැල්ලට. ඉස්කෝලෙ ක්‍රීඩා සංගං වලට ගියේ රැල්ලට. සා/පෙ කලේ රැල්ලට. ලව් කරේ රැල්ලට. ෆේස්බුක් ආවෙ රැල්ලට. ඒ ලෙවල් කලේ රැල්ලට. ඔහොම ඔහොම ඉතිං බ්ලොග ලියන්න පටං ගත්තෙත් රැල්ලට.
 ඉතිං හෙන අමාරුවෙං අර බුකියෙ ඔන්ලයින් හෙල්ප් එකේ සනෝජ් තරංග සහෝදරයට පිං සිද්ද වෙන්න හදා ගත්ත බ්ලොගක්. දැං හැදුවට දාන්න දේකුත් තියෙන්න ඇපැයි. කල්පනා කලා අහවල් එක දාන්නද කියලා. ඔය අතරෙ මට නිකං සහජයෙං වගේ ලැබිලා තිබුන ස්කිල් එකක් මතක් උනා. (දන්නවනෙ ඉතිං ෆේස් බුකියෙත් අර Copy කැට් ගෘප් එක හදාගෙන කිසිම විලි ලැජ්ජාවක් නැතුව කොපි කරන හැටි. Copy කැට් එකට මෙතනිං) ඉතිං දෙයියනේ කීලා ගියා කොප්පක් ගහන්න බ්ලොග්  එකකට. වෙන කාගෙවත් නෙමෙයි අර සෑමගෙ බ්ලොග.  ගිය ගමං දැක්ක කවියෙං මාව නිකං මෙව්වා වෙලා ගියා ඈ.. කොපි කිරීමේ අදහස මං එතනින්ම අත්හැර ගත්තා. බලල නිකං මාරු වෙන එක හරි නෑනෙ.. ඉතිං මං කමෙන්ට් එකකුත් දාලම ආවා..  




පලවෙනි බ්ලොග නිසා ඉතිං එහෙමටම කීලා ලියන්න දේකුත් එන්නෙ නෑනෙ... මොකක් හරි බයිලා එකක් ගහනවා කීයලා පටං ගත්තා. දැන්නං බයිලා මතක් වෙන්නෙත් නෑ අම්බානක නිදිමතයි.. එහෙනං ඉතිං ඉදිරියෙදි සෙට් වෙමු... අපි ගියා ඈ... ජය වේවා!!!!!!!!!!