Wednesday, March 14, 2012

ලංකාවෙයි ඉන්දියාවෙයි ක්‍රිකට් වල වෙනස

ඉන්දියාවෙ පිතිකරුවෙක් ශතකයක් වාර්තා කලාම උංගෙ තේරීම් කාරක කමිටුවට හරි කාට හරි පේන් බැට් එක උස්සලා බයිනවා (අද ගම්භීර් වගේ)


ලංකාවෙ පිතිකරුවෙක් ශතකයක් ලබා ගත්තම උඩ පැනලා තමන්ගෙ කෙල්ලට ඇහැක් ගහලා ආඩම්බරෙං නරබන්නන්ට ආචාර කරනවා (මහේලල වගේ)



ඉංදියාවෙ පන්දු යවන්නෙක් කඩුල්ලක් දවා ගත්තම දැවී ගිය පිතිකරුට පළු යනකං බයිනවා (ප්‍රවීන් කුමාර් වගේ)


ලංකාවෙ පන්දු යවන්නෙක් කඩුල්ලක් දවා ගත්තම සමහර විට සතුට වැඩිකමට බිම පෙරලි පෙරලි සතුට සමරනවා. (කුලසේකර වගේ)



ඉන්දියාවෙ පන්දු රකින්නෙක් බෝක්කුවක් ඇරියොත් මුලු කන්ඩායමම උගෙ අම්මව මතක් කර කර ඌට බයිනවා (ජඩේජට වගේ)


ලංකාවෙ පන්දු යවන්නෙක් බුල් කෙලිනකොට නායකයා ලගට ගිහිං ඔලුව අතගාලා ඌව දිරිමත් කරලා එනවා (මාලිංගට වගේ)



ඉන්දියාවෙ පන්දුයවන්නන් චොර බෝලයක් යවලා ඒකෙං හතරක් ගියාම යටි ගිරියෙං ඌටම බැන ගන්නවා (ශ්‍රී ෂාන්ති වගේ)


ලංකාවෙ අයට හතරක් නෙමේ හයක් ගැහුවත් බෝලෙ දිහා බලල හිනා වෙනවා (මාලිංග වගේ)



ඉන්දියාවෙ පිතිකරුවෙක් දැවී ගියාම ඌ බලන්නෙ බැට් එක දිහා හරියට බැට් එකේ වැරැද්දෙං අවුට් උනා වගේ. (විරාටි කෝලි වගේ)


ලංකාවෙ එකෙක් අවුට් උනාම එහා පැත්තෙ බැට්ස්මන්ට පරිස්සමෙං ගහපං මචංකියලා ක්‍රීඩාගාරෙට යනකං තනියම කියෝ කියෝ ඔලුව වන වන යනවා (සංගා වගේ)



ක්‍රීඩාවේ ජීව ගුණය රකින්නෙ ඉන්දියාවද ලංකාවද?

6 comments:

  1. මටනම් පේන්නේ ක්‍රීඩාවේ ජිවගුනය රකින්නේ තරිඳු අබේසිංහද කොහෙද..මොකද ඉන්දියාවවත් ලංකාවවත් (team) දන්නේ නැතුව ඇති ඔයා මේ හොයන දේවල් ගැන...

    ReplyDelete
  2. ඉදලා ඉදලා දාලා තීන්නෙ කොරම වෙලා යන්ට යෝකර් කමෙන්ට් එකක්..
    ස්තූතියි ඈ..

    ReplyDelete
  3. ඩ්වෙයින් බ්‍රාවෝ ගැනද කීවෙ???? LOL

    ReplyDelete
  4. මුරලිය ගැනත් දාන්න තිබ්බා.. මොනව උනත් හිනා‍වෙන පොරක් නේ !

    ReplyDelete
  5. මේ දවස් ටිකේ පේන්න හිටියෙ නෑනෙ සෑමයියෙ.... මතක් උන්නෑ...
    සොරි ඈ....
    මුරලිත් හිනා උනගමංම තමා......

    ReplyDelete