Showing posts with label පොඩි කවියක්. Show all posts
Showing posts with label පොඩි කවියක්. Show all posts

Wednesday, March 28, 2012

හිනාවෙයංකො




කෝල සුදු මුදු සමනලී
මට ආලෙ කරපං එති එතී....
මෙමා හිතුවත් තැවි තැවී
නුබ නොවේ හැරුනේ හිතවතී....

Monday, March 19, 2012

හෑ.........





කවියක් නිසදැසක් කොලයක 
නොලිව්වත්....

Saturday, March 17, 2012

නුබ නැතිදා



පොඩ්ඩක් මේ අහං ඉන්න...
මං කිව්වා මට මතකයි..
රවුම් දෙනෙත් ලොකු කරගෙන...
බලං හිටිය හැටි පුදුමයි...
අපිට නොදැනි ඒ කාලය...
ගතවීලා ගියා තමයි..
ආසයි මට ආයෙ යන්න..
ප්‍රශ්ණය දැං ඔයා තමයි...


Friday, March 9, 2012

DCSD විලාපෙ



ඇදුරුතුමනි මේ අහන්න...
අපේ සතුට අපට දෙන්න...
නොදුන්නොතිං මෙහෙම ඉන්න...
යන්න වෙන්නෙ පයිං ඔන්න...

කොන්ඩෙ වැව්වෙ ආසාවට...
බාටා දැම්මෙ සැහැල්ලුවට...
මල්ටි පොකට් ආවෙ අපට...
තියෙන ගැජට් දාං යන්ට...

අටහමාරෙ කෑලිත් නෑ...
පාන්දරට නින්දත් නෑ...
පහු උනොතිං දේෂන නෑ...
විභාගයට C+  නෑ...

--The නිදිමත කවිය--


හීන වලට පාට දෙන්න..
සල්ලි නැද්ද මන්දා ඔන්න...
හීන නැතුව නිදා ගන්න..
බැරිද මන්ද හිතට ඔන්න...

නිකන් ලැබෙන නිදා ගන්න..
ඒකත් නෑ අපිට ඔන්න..
පුවක් ගහෙත් දෙබල් මෙන්න..
පදයක් නෑ ඉතුරු දෙන්න.....