Thursday, June 7, 2012

බලාපොරොත්තුවේ ආලෝකය (විද්‍යා ප්‍රභන්ද)

2015.04.06
පෙ.ව 3.48
ඇරිසෝනා ගුවන් හමුදා කදවුර

සර් පොඩ්ඩක් බලන්න මේ ස්ක්‍රීන් එක දිහා.
කපිතාන් ඇන්ඩෘ වහාම පුළුල් තිරය දෙස බලා තම නලල රැලි ගන්වාගනිමින් කල්පනා කරන්නට විය.
කැප්ටන් අපි මොකද කරන්නේ.
රතු සංඥාව නිකුත් කරන්න. වහාම මට ජනාධිපති තුමාව සම්බන්ධ කරන්න.


-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


මුහුදු මට්ටමේ සිට අඩි 60000ක් ඉහල අහසේ.
ගුවන් හමුදා 1 ගුවන් යානයේ සිට. ඇමරිකානු ජනාධිපති
ජනාධිපති තුමනි ඔවුන් එනවා.
කැප්ටන් ඇන්ඩෘ ඔබගේ යෝජනාව කුමක්ද?
ජනාධිපති තුමනි වහාම ක්‍රියාත්මක වන පරිදි කේප් තුඩුව ආශ්‍රිත ඇති ජෝජ් වොෂිංටන් සහ අනෙකුත් යුධ නැව් ටික ඉන්දියන් සාගරයේ ස්ථානගත කරන්න.
කැප්ටන් ඇන්ඩෘ ඔබගේ ක්‍රියාව හරි වෙන්න පුළුවං. නමුත් අපිට ආසියානු කලාපයට හදිස්සියේ කඩා වැදුනොත් ජාත්‍යන්තරව අපිව වැරදිකරුවන් වෙනවා. මේ සදහා මට එක්සත් ජාතීන්ගේ මත විමසුමකට යන්න වෙනවා.
අපිට වෙලාවක් නෑ ජනාධිපති තුමනි. දැනටමත් සිකුරු හා අගහරු ආශ්‍රිත චලන වල සීග්‍රතාවය වැඩි වී තිබෙනවා.
කැප්ටන් ඇන්ඩෘ.
කෙනඩි සම්මුතිය ක්‍රියාවට නංවන්න. ඇමතුම අවසන්.


-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


ජනාධිපති අනුමැතිය ලැබුනා. නාසා ආයතනයට නියෝග කරන්න කෙනඩි සම්මුතිය බලාත්මක කරන්න කියලා
හොදමයි සර්.
කපිතාන් ඇන්ඩෘ සුසුමක් හෙලා තම ජංගම දුරකතනය අතට ගෙන තම නිවසට ඇමතුමක් ගනී.
හෙලෝ. අහන්න සොෆී. මට විස්තර කියන්න වෙලාවක් නෑ. පුළුවං ඉක්මනට පුතාවයි දුවවයි අරං යන්න සියැටෙල් ගෙදරට.
ඒත් දෙවියනේ ඇන්ඩෘ..
ප්‍රස්න අහන්න එපා ගෑනියේ කියපු දේ කරනවා.
මේ අහන්න. මට සමාවෙන්න. ඒත් පුළුවං ඉක්මනට ඔහෙං පිට වෙන්න. මං අම්මලටත් කියන්නං. සියැටෙල් වලිදි හම්බවෙමු. මං ඔයාට ආදරෙයි සොෆී.
ඇන්ඩෘ....
යන්න....
කපිතාන් ඇන්ඩෘ දුරකතනය විසන්දි කරමින් විඩාබර ලෙස සුසුමක් පිටකර තම උපැස් ගලවා පුළුල් තිරයේ දැක්වෙන හදුනානොගත් අභ්‍යාවකාෂ වස්තූන් දෙස අරමුනකිං තොරව බලා සිටින්නට විය.
කැප්ටන් නාසා එක කෙනඩි සම්මුතිය බලාත්මක කරා.
සියළුම අනු ඛන්ඩ වලට දැනුම් දෙන්න. අපි ඉන්දියාවට යනවා.


-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


ඒ 2012 වර්ෂයයි.
ලොව පුරා 2012 අවසානයේ ලෝක විනාශය සිදුවෙනවා යැයි රාවයක් හට ගන්නට විය.
හේතුව ලෙස ගැනුනේ මායාවරුන්ගේ ශිෂ්ඨාචාරයට අයත් දින දර්ෂකයේ දින 2012දෙසැම්බර් මසින් අවසන් වීමයි.
ඒත් සමගම ඇමරිකානු පුරාවිද්‍යාඥයින් තව තවත් මායා ශිෂ්ටාචාරය හාරාවුස්සන්නට විය.
ඒ අනුව 2013 මැද භාගය වන විට වැදගත් සොයාගැනීමක් කර ගැනීමට හැකිවිය.
නමුත් ඇමරිකානු රජය මැදිහත් වීමත් සමගම එම සොයාගැනීම් සියල්ල CIA සංවිධානය යටතට පවරාගෙන වැඩිදුරටත් පරීක්ෂන පවත්වන්නට විය.
සොයාගැනීම් වල නිරතවූ පුරාවිද්‍යාඥයින් අභිරහස් ලෙස මිය ගියේය.
ඒත් සමගම ලෝකයා හමුවේ තවත් අභිරහසක් වැලලී ගියේය.
ඇමරිකානු රජය නාසා ආයතනයට අනුබද්දව කෙනඩි නමින් ආරක්ෂක ව්‍යාපෘතියක් ඇරබුවේය. විශ්වයේ සිට පෘථුවිය දෙසට පැමිනෙන ග්‍රාහක කැබලි දුර තියාම විනාස කර දැමීම එහි අරමුන බව ඔවුන් මහජනයාට දැනුම් දුන්නේය.

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

සෙන්පති තුමනි උත්තර පවුර බිද වැටුනා. අපට තව දුරටත් පිට සක්වල ආක්‍රමණිකයන්ගෙන් ලෝ තලය ආරක්ෂා කල නොහැක. ශ්‍රී රාවන නිරිදානන් දැනුවත් කල මැනව.
අප මියෑදුනත් මේ පෘථුවිය මතු බුද වන ගෞතම බුදුන් වෙනුවෙන් ආරක්ෂා කල යුතුයි.
යව ගොස් පවුරෙන් මෙපිටට පිටසක්වලයන්ගේ පැමිනීම වලක්වනු.
එසේය සෙන්පති තුමනි.
උතුම් වූ ශ්‍රී රාවණ නිරිදානෙනි.
පිටසක්වලයින් අපට තවදුරටත් නවතනු හැකිවේයැයි මා නොසිතමි.
ලෝ වැසියන්ගේ මතු උන්නතිය වෙනුවෙන් රක්තාලෝකයට වැඩ වසන සේක්වා.
නැත විභීෂණ. යකුන්ගේ ලෙයින් මා ලෝ වැසියන්ට පොරොන්දු වී සිටිනවා ඔවුන් ආරක්ෂා කිරීමට. රාමට ඇවසි වී ඇත්තේ ලංකාධීෂ්වර විනාශ කොට විශ්වයේ පාලනය ඔහු යටතට ගැනීමයි.
එහෙත් රජතුමනි.
විභීෂණ. මමයි රජු. තීරණය මගෙයි. මා රාම හමුවීමට තීරණය කලා.
උතුමානෙනි රාම යනු සමූල ඝාතකයෙක්. අප සතු තාක්ෂණයෙන් ඔවුන් විනාශ කර දමමු.
විභීෂණ... සොයුර.. පියතුමාගේ අවවාද අමතකද?
උතුමානෙනි..
ඔව් විභීෂණ. අපට අපගේ ජනතාව අත හැරිය නොහැකියි!

3 comments:

  1. ලියන දෙයක් ප‍ටුනකට අනුව ලියන්න.. කතාව තේරුම් ගැනිම අපහසුයි.

    ReplyDelete
  2. බොහොම බොහොම බොහොම ස්තූතියි අවවාදයට.....

    ReplyDelete
  3. අඩේ... මේක මරුනේ බන්... නියමයි මචෝ... (y)

    ReplyDelete